ජූඩ් රත්නම් විසින් අධ්‍යක්ෂණය කල DEMONS IN PARADISE චිත්‍රපටය යාපනය සිනමා උළලේ ප්‍රදර්ශනය අත්හිටුවීමට උළෙලේ සන්විදායකයින් විසින් තීරණය කොට ඇත. ‘ප්‍රජාවක්’ යයි පවසනා කණ්ඩායමකගේ පීඩනය මත සංවිධායකවරුන් මෙම තීරණයට එලබ ඇති බව ජූඩ් පවසා සිටියි.
ජූඩ් ගේ චිත්‍රපටය දෙමල දේශපාලන අරගලය දෙස විවේචනාත්මක දැක්මක් ඉදිරිපත් කර සිටයි. එය පැහැදිලිවම දකුණේ ජාතිවාදී දේශපාලනයට වාසිසහගත ලෙස යොදාගතහැකි නිර්මාණයකි. නමුත් චිත්‍රපටයක අන්තර්ගතය කුමක් උවද කිසිදු අයුරකින් සිදුවන කලාකෘති වාරණයකට අප එකහෙලා විරුද්ද වන්නෙමු. එය දකුණට සේම උතුරටද එකසේ අදාලය.
උළෙලේ සංවිදායකයින්ගෙන් අප ඉල්ලා සිටිය යුත්තේ කලාකෘතියක් වාරණයට රුකුල්දෙනලෙස කටයුතු කරන එක නවතා චිත්‍රපටය ප්‍රදර්ශනයට කටයුතු කරන ලෙසය.
No comments:
Post a Comment